අංශ


සංවර්ධන හා නියාමන අංශය

ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හඳුනාගත් පළාතේ සංවර්ධන අවශ්‍යතා සඳහා වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන අවශ්‍යතාවය සැලසුම් කර මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර පළාත වෙත වාර්ෂිකව අවශ්‍ය වන ප්‍රාග්ධන ප්‍රතිපාදන ප්‍රමාණය ගෙන්වා ගෙන ඒ මත පදනම්ව  පළාත් වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කර එය ක්‍රියාත්මක කරවීම නියමානය හා පසු විපරම් කිරීම හා ඌව පළාත් සභාව යටතේ පවතින සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනයන්, සියලු රේඛීය අමාත්‍යාංශ, මුදල් කොමිෂන් සභාව, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් අතර සම්න්ධීකරණය සිදු කිරීම මෙම අංශය මගින් සිදු කරනු ලබයි.

ප්‍රදේශීය සංවර්ධන අංශය

පළාත් සභා ගරු මන්ත්‍රීතුමන්ලාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වඩාත් ඵලදායිලෙස යොදවමින් ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා ඉටුකිරීම තුළින් ප්‍රාදේශීය විෂමතාවන් අවම කර පවත්වාගෙන යෑම සදහා කටයුතු කිරීම.

අධ්‍යක්ෂ(ක්‍රමසමිපාදන),සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසමිපාදන) දෙදෙනෙකුගෙන් හා සංවර්ධන නිළධාරීන් 11 දෙනෙකුගෙන් මෙම අංශය සමන්විත වේ.

ව්‍යාවසාය සංවර්ධන අංශය

2017 අංක 02 දරණ ඌව ව්‍යවසාය සංවර්ධන වැඩසටහනේ ප්‍රඥප්තිය යටතේ ඌව ව්‍යවසාය සංවර්ධන අංශය ස්ථාපිත කරණ ලද අතර මෙමගින් 2025 වර්ෂය වන විට ඌව පළාත තුල ව්‍යවසාය සංස්කෘතියක් බිහි කිරීමේ මෙහෙවර පෙර දැරිව ජාතික ආදායම තුල පළාතේ දායකත්වය ඉහලට ගෙන ඒමේ අරමුණින් පළාතේ ව්‍යවසාය ප්‍රවර්ධනයට අවශ්‍ය මූල්‍ය, කළමණාකරණ, අලෙවිකරණ හා අනෙකුතු ආනුශාංගික සේවා වලට අදාල වැඩසටහන් සංවීධානය කර ක්‍රයාත්මක කිරීම සිදු කරයි.

පර්යේෂණ හා සංවර්ධන අංශය
  • නිවැරදි දත්ත හා නිවැරදි සැලසුම් තුළින් පළාත් සංවර්ධනයේ පරමාදර්ශය කරා යාම සඳහා අත්වැලක් වීම  අප අංශයේ  දැක්මවේ. එහිදී පරමාදර්ශිත තිරසාර සංවර්ධනයක් ළගා කර ගැනීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග හා තීරණ වල ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය අඛණ්ඩව දියුණු කෙරෙන නිවැරදි කාලීන හා ප්‍රමාණවත් දත්ත සැපයීම අප සතු වගකීම හා මෙහෙවරයි.
  • ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනතුමන් හා සංවර්ධන නිළධාරින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  අප සතුවේ.
විශේෂ ව්‍යාපෘති අංශය
විශේෂ ව්‍යාපෘති අංශය ගැන අදාල  තොරතුරු
ආයතන අංශය

කාර්යාලයේ සේවයේ නියුතු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභාවලට අනුයුක්තකර ඇති නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ඵලදායිව හා උපක්‍රමිකව කළමනාකරණය කිරීම සහ කාර්යාලය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිල නිවස හා සංචාරක බංගලාව සතු සියළුම භෞතික සම්පත් විධිමත්ව කළමනාකරණය කිරීම.

ගිණුම් අංශය

කාර්යාලයේ මූල්‍ය කළමනාකරණ කටයුතු, වත්කම් කළමනාකරණ කටයුතු සිදු කිරීම හා විගණන දෙපාර්තමේන්තුව, පළාත් භාණ්ඩගාරය අතර මනා සම්බන්ධිකරණයක් අතිකර ගනිමින් කටයුතු කිරීම ගිණුම් අංශය මගින් සිදු කරයි.