අපගේ තොරතුරු තාක්ෂණ සේවා

 

ඌව පළාතේ ව්‍යවසායකයන්ට තමන්ගේ නිෂ්පාදන වෙනත් පළාත් වලට හා ජාත්‍යන්තර වෙළද පොලට අතරමැදියන්ගෙන් තොරව අලෙවි කිරීමට ඌව ව්‍යවසාය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන www.uvaproducts.lk වෙබ් අඩවිය නිර්මාණය කොට ඇත.

  • ව්‍යවසායකයින්ට ඔවුන්ගේ හා ඔවුන්ගේ නිෂ්පාදන වල තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කල හැක.
  • තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා එම ව්‍යවසායකයින්ගේ තොරතුරු මෙම වෙබ් අඩවිය තුල පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ඇත.
  • ව්‍යවසායකයින්ට දේශීය සුපිරි වෙළඳසැල්, දේශීය හා විදේශීය ගැණුම්කරුවන් හා සෘජුව සම්බන්ධවීමේ අවස්ථාව උදා වේ.
  • ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය සේවාවන් ලබාදී නිෂ්පාදන අලෙවිය පහසු කිරීම හා වර්ධනය කිරීම අපගේ අපේක්ෂාව වේ.

ඌව පළාතේ සංචාරය කිරීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිවාඩු නිකේතනයන්හි නවතැන් පහසුකම් වෙන් කර ගැනීමේ අරමුණින් ඌව ව්‍යවසාය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන www.uvavisit.com  වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

  • ඌව පළාතේ නිවාඩු නිකේතන හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාඩු නිකේතන තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කල හැක.
  • ඌව පළාතේ සංචාරය කිරීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිවාඩු නිකේතනයන්හි නවතැන් පහසුකම් වෙන් කර ගත හැකිවේ.
  • නිවාඩු නිකේතන හිමිකරුවන්ට අවශ්‍ය සේවා ලබා දී ඔවුන්ගේ අදායම හා පළාතට ලැබෙන අදායම ඉහල නැංවීමට මෙම වෙබ් අඩවිය මඟින් අපේක්ෂා කරයි.

කුසලතා පරිපූර්ණ වෘත්තිකයින්ගේ සේවාවන් ලබා ගැනීම සඳහාත්, ඌව පළාතේ කුසලතාවයෙන් පිරි වෘත්තිකයින් සඳහා සිය සේවාවන් අලෙවි කර ගැනීම සඳහාත් manpower.lk  වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.මෙම වෙබ් අඩවිය මගින්

  • ඕනෑම ක්ෂේත්‍රයකට අදාල කුසලතා පූර්ණ වෘත්තිකයින් හට සිය වෘත්තිය අලෙවි කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය තුළ ලියාපදිංචි විය හැකිය.
  • වෘත්තිකයින් හට සිය වෘත්තියට අදාල වන්නා වූ සියළුම තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කිරීමේ හැකියාව ඇත.
  • වෘත්තිකයින් හට සිය වෘත්තියට අදාල රැකියා අවස්ථා සඳහා මෙමගින් ඉඩකඩ විවිර කර ගත හැකි වේ.
  • විවිධ ක්ෂේත්‍රයන්ට අදාල සේවා අවශ්‍යතාවය පරිදි අවශ්‍යවන්නාවූ කුසලතා පූර්ණ වෘත්තිකයින් මෙම වෙබ් අඩවිය මගින් සම්බන්ධ කර ගත හැකිය.

 

‍ඌව පළාත් සංඛ්‍යාලේඛන ව්‍යාප්ත කිරීමේ ඉදිරිපියවරක්, ඌව පළාත් සංඛ්‍යාලේඛන වෙබ් අඩවිය www.uvastat.up.go.lk සංඛ්‍යාලේඛන රුසක් බාගත කර ගැනීමට හැකි මෙම වෙබ් අඩවියට පිවිසීමෙන්

  • වාර්තා හා ප්‍රස්තාර නිර්මාණය කර ගැනීමට
  • දත්ත වෙන් කර භාගත කර ගැනීමට
  • පිටපත් ලබා ගැනීමට
  • දත්ත සැසදීම හා විශ්ලේෂණයෙන්  ඔබට සහය වේ.

 

සංඛ්‍යාලේඛන පරිශීලකයන් වෙනුවෙන් ඇප් එකක් UvaStat App  ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර

  • ඌව පළාත් සංඛ්‍යාලේඛන,
  • සංඛ්‍යාලේඛන සහ ප්‍රකාශනවල මෘදු පියපත්,
  • ඌව පළාත් කාර්යාල දුරකථන තොරතුරු ලබා ගැනීම හා
  • දත්ත හුවමාරු කරගැනීමට කඩිනම් පහසුකම් අත්විදින්න