සංචාරක නිවාසය වෙන් කර ගැනීම

අංක 36 සංචාරක නිවාසය

බදුල්ල, රත්වත්ත මාවතේ අංක 36, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලීය සංචාරක නිවාසය
  • සියලූම රාජ්‍ය සේවකයින් සඳහා සංචාරක නිවාසය වෙන්කළ හැකිය.
  • බදුල්ල නගරයේ සිට මහියංගණ පාරේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය විට මාර්ගයේ වම්පසට වන්නට රත්වත්ත මාවත හමුවන අතර එම මාර්ගයේ මීටර් 200 පමණ දුරකින් සංචාරක නිවාසය පිහිටා ඇත.
  • සම්පූර්ණ නිවාසය කාමර 05 කින් සමන්විත වේ. එක් කාමරයක යුගල ඇඳන් දෙකක් පවතින බැවින් සිව්දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ලබාදිය හැකි අතර සම්පූර්ණ නිවාසයේ උපරිමයෙන් විසිදෙනෙකු සඳහා පමණක් නවාතැන් පහසුකම් ලබාදිය හැකිවේ.
  • නානකාමර පහසුකම් – සංචාරක නිවාසය තුළ කාමරවලට පිටතින් පිහිටා ඇත.
  • ඔබට අවශ්‍ය ආහාරපාන – අමුද්‍රව්‍ය සපයා දීමෙන් සකස් කරගත හැකිය.

සංචාරක නිවාසය වෙන් කරගන්නා ආකාරය

  • නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ 0552229706 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වෙබ් අඩවියේ ඇති අයඳුම්පත සම්පූර්ණකර විද්‍යුත් තැපෑල මඟින් අවශ්‍ය දිනය හෝ දින වෙන්කරගත හැකිදැයි පළමුව විමසා දැනගත හැකිය.
  • සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය / තම රාජකාරි ආයතනය මඟින් නිර්දේශ කළ ඉල්ලීම් ලිපිය භාර දීමෙන් හෝ අප කාර්යාලයේ 0552230761 ෆැක්ස් අංකයට / dcspcircuit@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කිරීමෙන් සංචාරක නිවාසය මූලිකව වෙන්කරවා ගත හැකිය.
  • සංචාරක නිවාසය වෙන්කර ගැනීමට අදාලව පහත දක්වා ඇති ගාස්තු ඔබ නවාතැන් ගැනීමට ප්‍රථම මහජන බැංකුව – බදුල්ල මුතියංගණ ශාඛාවේ ඌව පළාතේ ප්‍රධාන ලේකම්ගේ ගිණුම් අංක 269-1-001-6-8440481 ට බැර කර (මුදල් බැරකිරීම සිදු කරන්නේ නම් ඊට අදාල බැංකු කුවිතාන්සි පිටපත අප කාර්යාලයේ 0552230761 ෆැක්ස් අංකයට dcspcircuit@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකළ යුතුය.) හෝ ඒ වෙනුවෙන් චෙක්පතක් නිකුත්කර අපවෙත යොමු කළ යුතුය.
  • නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයට පැමිණ මුදල් ගෙවීමෙන් ද ලදුපතක් ලබා ගත හැකිය.

සංචාරක නිවාසය වෙන් කර ගැනීමේ අයදුම් පත්‍රය /කොන්දේසි Download

සංචාරක නිවාසය වෙන් කිරීමට අවශ්‍ය දින පරික්ෂා කිරීමේ අයදුම් පත්‍රය