හැඳින්වීම


ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සමග අත්වැල් බැද ගනිමින් ඌව පළාතේ අමාත්‍යංශ හා දෙපාර්තුමේන්තු සම්බන්ධීකරණය මගින් ප්‍රතිපත්ති සම්පාදනය සැලසුම්කරණය, නියාමනය හා මෙහෙයවීම ප්‍නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලයේ ප්‍රමුඛ කාර්යයභාරය වේ. ඒ අතර පළාත් සංවර්ධන සැලැස්ම සකස් කිරිම, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරිම, විදේශාධාර  හා ණය ව්‍යාපෘති සැලසුම් සකස් කිරිම ප්‍රමුඛ වේ.

එසේම ආංශික හා ආයතනික සැලසුම් සකස් කිරිම සදහා අවශ්‍ය වන පර්යේෂණ හා සමීක්ෂණ සිදු කර දත්ත රැස් කිරිම සහ යාවත්කාලීන කිරීම ද, ඒ අනුව පළාත සදහා දීර්ඝකාලීන හා මධ්‍යකාලීන සැලසුම් පිළියෙළ කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය ඇගයීම හා අපේක්ෂිත ඉලක්ක කරා ලගා වීමට  අවශ්‍ය නියාමන කටයුතු කිරීම දෙපාර්තුමේන්තුවේ තවත් වැදගත් කාර්යය භාරයකි.

 

කාර්යභාරය


  • පළාත සඳහා දීර්ඝකාලීන හා මධ්‍යකාලීන සැලසුම් පිළියෙල කිරීම.
  • වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලසුමක් පිළියෙල කර එය ක්‍රියාත්මක කීරීම,ප්‍රගතිය ඇගයීම හා අපේක්ෂිත ඉලක්ක ළඟාකර ගැනීම.
  • සංවර්ධන සැලසුම් සඳහා දත්ත රැස් කිරීම,පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීම.
  • ඌව පළාත් සභා ගරු මන්ත්‍රීතුමන්ලාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම.
  • පළාත් සංවර්ධන සැලැසුම පිළියෙල කිරීම,ප්‍රගතිය ඇගයීම හා ඉලක්ක කාර ලගා වීම.
  • නව ව්‍යාපෘති හදුනා ගැනීම, ඇඟයීම හා තක්සේරුව.
  • විදේශධාර ව්‍යාපෘති හදුනා ගැනීම, ඇගයීම හා තක්සේරුව.
  • ආශික සැලසුම් හා ආයතනික සැලසුම් පිළියෙල කිරීම හා ඒ සඳහා ආයතනවලට සහාය වීම.
  • අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සැලසුම් ඒකක මෙහෙයවීම හා සම්බන්ධිකරණය.
  • රජයේ ආයතන සමග සැලසුම් කටයුතු පිළිබඳ සම්බන්ධිකරණය.
  • ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් කටයුතු පිළිබඳව සම්බන්ධිකරණය.
  • ඌව ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • අනෙකුත් පළාත් සභා සැලසුම් දෙපාර්තමේන්තු සමග කටයුතු කිරීම.
  • සැගසුම් වලට අදාල මුදල් කොමිෂම,ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සමග කටයුතු කිරීම..

දැක්ම


පළාත් සංවර්ධනයේ පරමාදර්ශය

මෙහෙවර


පරමාදර්ශිත තිරසාර සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන විභවතා ප්‍රශස්ථව කළමනාකරණය කරමින් ප්‍රතිපත්ති සම්පාදනය, සැලසුම්කරණය, නියාමනය හා මෙහෙයවීම