සේවාවන්


සංවර්ධන හා නියාමන අංශය.

  • පළාත සඳහා දීර්ඝකාලීන හා මධ්‍යකාලීන සැලසුමක් පිළියෙල කිරීම.
  • වර්ෂය සඳහා පළාතේ ක්‍රියාකාරී සැලසුමක් පිළියෙල කර එය ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය ඇගයීම හා අපේක්ෂිත ඉලක්ක ලඟාකර ගැනීම.
  • පළාත් සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම, ප්‍රගතිය ඇගයීම හා ඉලක්ක කරා ලඟාවීම.
  • ආංශික සැලසුම් හා ආයතනික සැලසුම් පිළියෙල කිරීම හා ඒ සඳහා ආයතනවලට සහාය වීම.
  • අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සැලසුම් ඒකක මෙහෙයවීම හා සම්බන්ධීකරණය.
  • ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් රැස්කර ගැනීම හා පළාත් සැලසුම් සඳහා අදාල කරගැනීම.
  • රජයේ ආයතන සමඟ සැලසුම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය.
  • සැලසුම්වලට අදාල මුදල් කොමිෂම,ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීම.
  • ප්‍රධාන අමාත්‍යවරයාට,අමාත්‍යවරුන්ට හා ප්‍රධාන ලේකම්ට සැලසුම් කටයුතු සඳහා සහය වීම.

ප්‍රදේශීය සංවර්ධන අංශය.

  • පළාත් සභා ගරු මන්ත්‍රීතුමන්ලාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වැඩසටහන සැලසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම හා නියාමනය.
  • ස්වයං රැකියා ප්‍රතිලාභීන් ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • අවදානය යොමු කළ යුතු සංවර්ධන අවශ්‍යතා හදුනාගැනීම හා එම යෝජනා ක්‍රියාත්මක කිරීම.

ව්‍යවසාය සංවර්ධන අංශය.

  • ඌව පළාතේ නිෂ්පාදන ව්‍යාපාර සඳහා සහනදායී පොලී අනුපාතයන් යටතේ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම.
  • ව්‍යවසායකයින්ගේ අලෙවි ප්‍රවර්ධනයට අදාල වැඩසටහන් සංවීධානය කර ක්‍රයාක්මක කිරීම.
  • පළාත තුළ රැකියා විරහිත තරුණ තරුණියන් හඳුනා ගැනීම හා ඔවුන් අදායම් උත්පාදන ව්‍යාපෘති කරා යොමු කිරීම.
  • විභවතාවයන් පවතින ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ඒ සම්බන්ධව ක්‍රියා කිරීම.
  • ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් , තාක්ෂණික දැනුම හා පර්යේෂන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීම හා ඒ සම්බන්ධව ක්‍රියා කිරීම.
  • වැඩසටහනේ අරමුණු ළඟා කර ගැනීමට හේතු වන හෝ සියළු කටයුතු සිදු කිරීම.

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

  • ඌව පළාත් වාර්ෂික වාර්තාව සකස් කිරීම
  • ඌව පළාත් සංඛ්‍යා නිබන්ධනය සකස් කිරීම
  • ඌව පළාත් සංඛ්‍යාන අත්පොත හා දත්ත පත්‍රිකාව සකස් කිරීම
  • විවිධ සමීක්ෂණ, සංගණන හා පර්යේෂණ කටයුතු සිදුකිරීම හා තාක්ෂණික සහය ලබාදීම
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පවත්වනු ලබන සමීක්ෂණ හා සංගණන සඳහා සහය වීම
  • ඌව පළාත් දත්ත පද්ධතිය පවත්වාගෙන යාම හා ප්‍රවර්ධනය
  • ඌව පළාත් දුරකථන නාමාවලිය සකස් කිරීම
  • විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • අවශ්‍යතා අනුව විශේෂ සංඛ්‍යාලේඛන වාර්තා හා ප්‍රකාශන  සකස් කිරීම
  • ඇලුම් පාර්ශවයන්ට දත්ත ලබාදීම හා සංඛ්‍යාලේඛන කාර්යන්ට සහය ලබා දීම
  • ඌව පළාත් සංඛ්‍යාන වෙබ් අඩවිය හා ජංගම දුරකථන යෙදවුම පවත්වාගෙන යාම හා ප්‍රවර්ධනය

විශේෂ ව්‍යාපෘති අංශය.

  • විභවතා කළමනාකරණය තුළින් නව ව්‍යාපෘති හඳුනාගැනීම, ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම, ඇගයීම හා තක්සේරුව.
  • විදේශාධාර ණය ව්‍යාපෘති හදුනා ගැනීම සැලසුම් කිරීම, පිළියෙල කිරීම හා මූල්‍යාධාර ලබා දෙන ආයතන වෙත යොමු කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති, සැලසුම් අධ්‍යනය කර පළාත් සැලසුම් සඳහා අදාල කර ගැනීම.
  • රජයේ ආයතන සමඟ සැලසුම් කටයුතු සම්බන්ධීකරණය.
  • ප්‍රධාන අමාත්‍යවරයාට, අමාත්‍යවරුන්ට හා ප්‍රධාන ලේකම්ට සැලැසුම් කටයුතු සඳහා සහය වීම.
  • සැලසුම් සකස් කිරීමේ දී පළාත් සභා ආයතන, රේඛීය අමාත්‍යාංශ, ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශ, සිවිල් සංවිධාන, ප්‍රතිලාභීන්ගේ සහභාගීත්වය මෙන්ම දේශපාලන නායකත්වයේ අදහස් යෝජනා/ උපාය මාර්ග හදුනා ගැනීම.
  • විශේෂ ජාතික වැඩසටහන්, ප්‍රතිපත්ති හා උපායමාර්ග පළාත තුල ක්‍රියාත්මක වීම, සම්බන්ධීකරණය කිරීම, මෙහෙයවීම හා ප්‍රගති සමාලෝචනය කිරීම.
  • පළාත් සංවර්ධනයට අදාල සමීක්ෂණ, පර්යේෂණ අවශ්‍යතා හඳුනාගැනීම හා නව සංවර්ධන සංකල්ප නිර්මාණය කර ගැනීම.
  • පළාත් සංවර්ධනය සදහා දීර්ඝකාලීන, මධ්‍යකාලීන සැලසුම් පිළියෙල කිරීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම මඟින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීම.
  • ආංශික සැලසුම් හා ආයතනික සැලසුම් පිළියෙල කිරීම සඳහා ආයතන වලට සහය වීම.
  • අනෙකුත් පළාත් සභා සැලසුම් දෙපාර්තමේන්තු සමඟ කටයුතු කිරීම.
  • සැලසුම් වලට අදාල ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීම.

ආයතන අංශය.

  • කාර්යාලයේ සේවයේ නියුතු හා මෙම කාර්යාලයෙන් අනුයුක්තකර ඇති සියළුම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම
  • ආංශික සැලසුම් හා ආයතනික සැලසුම් සකස් කිරිම නියාමනය
  • කාර්යාලයේ ඵලදායිතා කටයුතු සම්බන්ධීකරණය
  • කාර්යාලයේ දෛනික තැපෑලට අදාල සියළුම කටයුතු සම්බන්ධීකරණය
  • සියළුම නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණ කටයුතුවලට අදාල සියළුම රාජකාරි කටයුතු
  • නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ රාජකාරි
  • කාර්යාලයේ පැවැත්වෙන සියළුම රැස්වීම්වල වාර්තා සකස්කිරීම
  • කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් හා මෙම කාර්යාලයෙන් අනුයුක්තකර ඇති සංවර්ධන නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන්වලට අදාල රාජකාරි කටයුතු
  • කාර්යාලයට ලැබෙන දුරකතන, පුවත්පත් බිල්පත් පියවීම
  • රත්වත්ත මාවතේ පිහිටා ඇති සංචාරක නිවාසය වෙන් කිරීමට අදාල සියළුම කටයුතු
  • නිලධාරීන්ට ලබාදෙන දේශීය හා විදේශීය පුහුණු සම්බන්ධීකරණය
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අදාල සියළුම රාජකාරි කටයුතු

ගිණුම් අංශය.

  • සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීම.
  • ණය අත්තිකාරම් ගෙවීම.
  • සේවක වැටුප් ගෙවීම.
  • අවසන් ගිණුම් සකස් කිරීම.
  • විගණන විමසුම් වලට පිළිතුරු ලබා දීම.
  • භාණ්ඩ සමීක්ෂණ සිදු කිරීම.
  • ගබඩා භාරකාරිත්වය.
  • ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.